අද (8) ජනපති රනිල් වික්‍රමසිංහ විසින් කොම්පඤ්ඥවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම ජනතා අයිතියට පත්කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු නුදුරේදී අවසන් කිරීමට නියමිත‍යි.

මෙම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් 5,278,081,272.43ක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.