හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂනායකත්වය අහෝසි වී යාමත් සමග පක්ෂයේ පැන නගුණු අර්බුධකාරී තත්වයත් සමග එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම දේශපාලන රැස්වීමක් මෙලෙස කැඳවා තිබුණා.

ඒ අනුව අද (08) උදෑසන පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ මෙම හදිසි රැස්වීමක් පැවැත්විය.

එහිදි ගත් තීරණයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.

කෙසේවෙතත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට, තීරණයක් ගැනීමට හෝ ඉල්ලීමක් කිරීමට කිසිදු අයිතිවාසිකමක් හෝ බලයක් නොමැති බව නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය.