සවුත් ඊස්ට් ගුවන් සමාගමට අයත් බෝයිං 737-800 යානය අමෙරිකාවේ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට හූස්ටන් බලා ගමන්කරමින් තිබියදී එහි එංජින් කවරය ගැලවී තටුවක සිරවී තිබේ.

කෙසේ නමුත් එම දෝෂය ඇතිවූ පසුව යානය නැවත ඩෙන්වර් ගුවන්තොටුපොළට ආරක්ෂිතව ගොඩ බැස්සවීමට නියමුවන් සමත්විය.

අදාළ දෝෂය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව එරට බලධාරීන් පැවසීය.

2015 දී නිෂ්පාදනය කර තිබූ එම යානය මැක්ස් 737 මාදිලියට අයත් යානය කි.

එන්ජින් කවරය ගැලවී යන විට යානය අඩි 10,000ක් පමණ ඉහළ අහසේ තිබුණි. ඒ වනවිට එහි මගීන් 135ක් සහ කාර්ය මණ්ඩලය 6දෙනෙක් සිටි බව වාර්තා විය.