අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ මූලික අදියර ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15 ) ආරම්භ කෙරුණා.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ජයිකා ආයතනයේ සභාපති ආචාර්‍ය ටනකා අකිහිතෝද එක්ව සිටිබවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ඒ ස්ථීර ජලය මහකනදරාව වැවට ලබාදෙන තුරු ජලය විකුණන සැලැස්ම හකුලා ගන්න ලෙස බලකරමින් මහකනදරාව ගොවීන් උත්සව භූමියට පැමිණ විරෝධතාවයේ නිරත වූ අතර එය පාලනය කිරීමට පැමිණි පොලිසිය සහ ගොවීන් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇත.