ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැති තරග 03කින් යුත් එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගයෙන්ද කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 3-0 ලෙස තරගාවලිය ජය ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

අද තරගයේ කාසියේ වාසියේ දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 48.2 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 266කි. එහිදී රහ්මත් ශා ලකුණු 65ක් රැස් කළ අතර, ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 03ක් බිඳහෙළීය.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35.2 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 267ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. එහිදී නැවතත් සාර්ථක වූ පැතුම් නිස්සංක ලකුණු 118ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 91ක් රැස් කළහ. එමෙන්ම ඔවුන් දෙදෙනා ලකුණු 173ක ආරම්භ කඩුල්ල වෙනුවෙන් සබඳතාවක් පැවැත්වීමද විශේෂත්වයකි.