හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්‍රින් අක්තර් මහත්මිය අතර හමුවක් ඊයේ (14) දින අමෙරිකානූ රාජ්‍ය දෙපාර්තුමේන්තුවේදි සිදුකෙරිණි.

එහිදි  ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වයන්  පිළිබදවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශ්වික කරුණු සම්බන්දයෙන් ඉතා සාර්තක සාකච්ඡාවක නිරත වී තිබේ.

මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදේශ කටයුතු ලේකම් සජින්ද වාස් ගුණවර්ධන මහතා , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික ,ශ්‍රී ලංකා වෘත්තියවේදින්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය චමිල ලියනගේ මහතාද සහභාගී විය.