එළඹෙන ජූලි මාසයේදී විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල සහ බලශක්ති ඇමති  කංචන විජේසේකර පවසය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු  මේ බව සඳහන් කර ඇත.
රජයේ ප්‍රතිපත්ති සහ 2022 දෙසැම්බර් මාසයේදී ගත් කැබිනට් තීරණයකට අනුව අදාළ සංශෝධන සිදුකරන බවද එහි සදහන් කර තිබේ.

එම තීරණවලට අනුව පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් හඳුන්වාදීමටත් සෑම වසරකම ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ  සමාලෝචනය කර සංශෝධනය කිරීමටත් තීරණය කර ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් එම පනිවිඩයක් පෙන්වා දි ඇත.