මිල සූත්‍රයට අනුව ගෑස් මිල පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 100කින් ද, කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් ද, කිලෝග්‍රෑම් 2.3ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 19කින් ද පහළ යනු ඇත.

මිල ගණන් පහළ දැමීමෙන් අනතුරුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,638ක් ද කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,462ක් ද කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 681ක් වන බව ලිට්‍රෝ සමාගම  සඳහන් කර තිබේ.