කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරි​ග​‍නක අපරාධ කොට්ටාසය චෝදනා ගොනු කර ඇති ප්‍රවීණ රංගනශිල්පි​නී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහි නඩුව අද (29) කැදවනු ලැබුවා.

ඒ අනු​ව සිද්ධිය සම්බන්ධයෙන් නඩුව නීතිපති උපදෙස් සදහා ලබන ඔක්තෝබර් මස 16, වනදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර  නියෝග කර තිබෙනවා.

එමෙන්ම සැකකරුවන් දෙදෙනාට සෑම මසකම අවසාන ඉරු දින පෙරවරු 9-12 අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශයේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබෙනවා.

එදිනට පශ්චාත් උපාධි පාඨමාලාවේ දේශන සදහා සහභාගි වන බැවින් එම කොන්දේසිය ලිහිල් කරන ලෙස දමිතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විධිමත් ලේඛන සහිතව ඉල්ලීම සිදු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.