රටේ ජනගහනය සහ සංචාරකයින්ගේ පැමිණිම වැනි සාධක පදනම් කරගෙන පමණක් නව මත්පැන් බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ පැවති (20) කරවනැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව සතොස ආයතනයට අයත් මත්පැන් බලපත්‍ර 100න් 55 ක් අර්ජුන් ඇලෝසියස්ට අයත් වෙනත් සමාගම් වෙත පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට එල්ල කර ඇති චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා .