මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට ගංවතුර තත්වයක් ඇතිවී ඇත.

​ඒ හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බවට වාර්තා වේ.

අධික වර්ෂාවත් සමඟ මහකුඹුක්කඩවල, කරුවලගස්වැව, මාදම්පේ, මුන්දලම, පුත්තලම, හලාවත, ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් වසම් වල පවුල්
මෙලෙස පිඩාවට පත්ව ඇත.

මෙයින් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ වන අතර එහි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ ග්‍රාම නිළධාරී වසම් 11 ක පවුල් 4582 ක පුද්ගල‍ෙන් 18497 ක පිරිසක් පිඩාවට පත්ව ඇති බවයි.