2024 ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඇස්තමේන්තුගත අයවැය රුපියල් 9,750,000,000ක් (රු.බිලියන 10ක්පමණ) වනු ඇතැයි මැතිවරණ කොමිසමට ගොනුකළ තොරතුරු දැනගැනීමේ ඉල්ලීමක් අනුව ඩේලි මිරර් වාර්තා කර

මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක පවසා ඇත්තේ, ඔවුන් ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා 2023 අගෝස්තු මාසයේදී බිලියන 10 ක් ඉල්ලා සිටි අතර, එය 2024 අයවැයෙන් අනුමත කර ඇති බවයි.

කෙසේ නමුත්, පසුගියදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කියා සිටියේ, 2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති බවයි.

ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් ඇමැති ගුණවර්ධන පවසා ඇත්තේ, ස්ථිර වශයෙන්ම මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන නමුත් මැතිවරණ දෙකක් පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් රජයට නැති බවයි.