ශ්‍රී ලංකා මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීමට එරෙහිව අද (11) දින සිවිල් සංවිධාන කිහිපයක් මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

එම සිවිල් සංවිධානයන්හි විරෝධතාකරුවන් සඳහන් කළේ වැඩි කරගත් වැටුප් පහත දැමීමට නොහැකි නම් මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස සිය තනතුරු වලින් ඉවත් විය යුතු බවයි.

මෙම විරෝධතාවය හේතුවෙන් එම ස්ථානයට කැරලි මර්ධන ඒකකයද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විරෝධතාවය සඳහා මගෙන් රටට සංවිධානය, ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව තිබුණි.