මත්ද්‍රව්‍ය සහ පාතාල ජාවාරම් මඬින බව කියමින් යුක්තිය මෙහෙයුම නමින් මහජන ආරක්ෂක ඇමැති සහ වැඩබලන පොලිස්පතිවරයා විසින් ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපෘතිය නැවැත්වීමට සිදුවී ඇති බව වාර්තා වෙනවා.

පසුගිය දින කිහිපයේ එහි පෙර පැවති ප්‍රචාරකවාදී බව අඩු කර ඇත්තේ ඒ නිසා බවයි පැවසෙන්නේ.

ඒ අතර පොලිසිය විසින් නාරම්මල ලොරි රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව රුපියල් මිලියන 200ක වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණට පෙත්සමක් ගොනු කිරීමද එයට හේතුවක් බව ආරංචිමාර්ග වාර්තා කරනවා.

යුක්තිය නමින් කරන ලද ආන්තික මෙහෙයුමෙන් පුරවැසියන්ගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කෙරුණු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවා කරුණු දැක්වූවා. එසේම මෙරටද සිය ගණනක් සංවිධාන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ පක්ෂග්‍රාහී සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ස්වභාවය ගැන විරෝධය පළ කරනු ලැබුවා.