සිය වැටුප් සංශෝධන සඳහා රජයේ චක්‍රලේඛ කිසි විටෙකත් අදාළ වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

සෑම වසර තුනකටම වරක් මහ බැංකුවේ වැටුප් සංශෝධනය සිදු කෙරෙන්නේ වෘත්තීය සමිති සහ මහ බැංකුව අතර අත්සන් කරන ලද සාමූහික ගිවිසුම් මත බව ද මහ බැංකුව කියයි.

පවතින ආර්ථික අර්බුදය නිසා රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යංශය නිර්දේශ කර තිබියදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් හා දීමනා ඉහළ නංවාගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මහ බැංකුව මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව එහි වෘත්තීය සමිති සමග සාකච්ඡා කර පසුගියදා නව සාමූහික ගිවිසුම් අත්සන් කර ඇත.