විවාහ වීමට සිටින පෙම්වතුන් යුවලක් අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නාමින් සිටියදී අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා ඊයේ (07) දී  ඇල් ඔයේ දිය නෑමට ගොස් ඇත්තේ, වේයන්ගොඩ, මැදවත්ත ප්‍රදේශයෙන් බව පොලීසිය සදහන් කර ඇත.

එලෙස දිය පහරට හසුව අතුරුදන්ව ඇත්තේ, 19 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සහ 19 හැවිරිදි කුඩා ඔය, ලබුතැන්න ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිස් නිලධාරින්, ප්‍රදේශවාසීන්, යුද හමුදාව හා නාවික හමුදාවේ සහාය ඇතිව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

සසිඳු සහන් තාරක