ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හා උතුරු පළාත නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මෙම සතියේදි පැවැත්වෙන බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා පවසා ඇත.

මෙහිදී ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කෙරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලයේදී මෙම ගැටලුව විසදා ගත හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඇමතිවරයා සදහන් කර තිබේ.

ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් වන සාකච්ඡා ඉදිරියට ගෙන යාමට උතුරේ මහජන නියෝජිතයින් මෙන්ම ජනතාවත් සහයෝගය ලබාදිය යුතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ මෙම සාකච්ඡාවට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ද සහභාගි වීමට නියමිත බවය.

සාකච්ඡා අවස්ථාව ඉතා වැදගත් බවත් ජනවාර්ගික අර්බුදය පමණක් නොව මේ වින විට උතුරේ පවතින නොසන්සුන්කාරි වතාවරණ්‍ය හා ගැටලු පිළිබඳවත් මෙහිදි ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට අපෙක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවම් අඩෙක් කලනාදන් සදහන් කර ඇත.

මෙම සාකච්ඡාවට පෙර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී රැස්වීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ.

රාජිනි මෙන්ඩිස්