අද (14)  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සදහයි.

එම කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසිනි .

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, ඉඩම් කොමසාරිස් ජනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක්ද එම කමිටුවට ඇතුළත්.

ක්‍රියාන්විත රාජකාරියෙහි යෙදී සිටියදී දිවි පිදූ රණවිරුවන්, අතුරුදන්, විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට මෙලෙස රජයේ ඉඩම් ලබාදීමට නියමිතව තිබෙනවා.