හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා රුසියාවට වීසා නිකුත්කිරීම  ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක්  සිදුකරන බව  විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

අද කොළඹදී රුසියානු තානාපති Levan S. Dzhagaryan සමග පැවති හමුවකින් අනතුරුව සිය නිල  X ගිණුමේ සටහනක් ද තබමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා .