ඊයේ (14) දිනයේදී ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය සහ ඒඩීටී ආයතනය එක්ව ඒ ටූ පී නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ ලාදුරු රෝගය සම්බන්ධව නිවැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා සමාජ ගත කිරීමයි

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ලාදුරු රෝගය ඉතා සෙමෙන් ව්‍යාප්ත වන නිසි අවධානයක් යොමු නොවූ රෝගයක් බවත් ඒ හේතුවෙන් එම රෝගය සම්බන්ධයෙන් පවතින වැරදි මිත්‍යා මත හා රෝගීන් බවට පත්වූවන් සමාජයෙන් කොන් කිරීම අදටත් නොවිසඳුණු ගැටලුවක්ව පවතින බවත් ය.

ශ්‍රී ලංකාව රටක් ලෙස මෙම රෝගය තුරන් කිරීම සඳහා කටයුතු කරමින් සිටින නමුත් රෝගය හා බැඳී ඇති සාධක එම ගමනට බාධාවක් වෙමින් පවතින අතර, එය බිඳ දැමීම මෙම නව වැඩපිළිවෙලේ අරමුණයි.

එමෙන්ම, වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බවත් ඉන් 24 දෙනෙකු අවුරුදු 15ට අඩු දරුවන් බවත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත වැඩිදුරටත් පවසා සිටියා.