පවතින වියළි කාලගුණික තත්ත්වය මධ්‍යයේ මී උණ රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ

ජලය හිඟ ප්‍රදේශවල දිය නෑම සහ මසුන් ඇල්ලීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කර ඇත.

මීට අමතරව, සීමිත ජල ප්‍රමාණයක් ඇති ස්ථානවල ස්නානය කිරීම සමේ රෝග සහ පාචනය ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරන බව ද ඔහු සඳහන් කර තිබේ.

ජලය බෝතල් අලෙවි කරන ස්ථාන පිළිබඳව සිය සුපරීක්ෂාකාරී අධීක්‍ෂණය ද එම සංගමය සිදුකරන බවද  අවධාරණය කර ඇත.

ඔබ ළිං, ගංගා වැනි විකල්ප ප්‍රභවයන්ගෙන් ජලය පරිභෝජනය කරන්නේ නම්, පානය කිරීමට පෙර එය නිසි ලෙස උණුකර භාවිතයට ගන්නා ලෙස එම සංගමය උපදෙස් ලබා දී තිබේ