රත්තොට, වැල්ගාලයාය ප්රදේශයේ නිවසක සිටි සහෝදරයෙකුට හා සහෝදරියකට අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඊයේ (29) සවස් කාලයේදී ඇති වූ අධික වර්ෂාව සමග අකුණු සැර වැදීමෙන් බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අකුණු සැර වැදී මියගොස් ඇත්තේ, වැල්ගාලයාය, රත්තොට ප්රදේශයේ පදිංචි 12 හැවිරිදි කුඩා දැරියක් හා 23 හැවිරිදි තරුණයෙක් වන අතර ඔවුන් එකම පවුලේ සහෝදරයන් බව පොලීසිය පවසයි.
මෘත ශරීර රත්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර රත්තොට පොලීසිය ඒ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි