රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේ නිවසක සිටි සහෝදරයෙකුට හා සහෝදරියකට අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඊයේ (29) සවස් කාලයේදී ඇති වූ අධි​ක වර්ෂාව සමග අකුණු සැර වැදීමෙන් බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙ​ස අකුණු සැර වැදී මියගොස් ඇත්තේ, වැල්ගාලයාය, රත්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි කුඩා දැරියක් හා 23 හැවිරිදි තරුණයෙක් වන අත​ර ඔවුන් එකම පවුලේ සහෝදරයන් බව පොලීසිය පවසයි.

මෘත ශරීර රත්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර රත්තොට පොලීසිය ඒ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි