කතරගම ප්‍රදේශයේ මැණික් ගඟ ආසන්නයේ ඉදිකර ඇති නිවසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇප මත මුදා හැරිමට තිස්සමහාරාම අධිකරණය නියෝග කර ඇත.

හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට පත් වූයේ උක්ත කී ඉදිකිරීම සම්බන්ධයෙන් අක්‍රමවත් අනුමැතියක් ලබාදුන් බවට චෝදනා එල්ල කරමින් බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ඉඩම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වූ නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබිණි.