රිදියගම සෆාරි උද්‍යානයේ සිට අභිජනන කටයුත්තක් සදහා දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ඒමෙන් අනතුරුව මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා මිය ගිය බව දෙහිවල ජාතික  සත්වෝද්‍යානය පවසනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් චෝදනා කරන්නේ සත්වයා රැගෙන ඒමේදී ලබා දුන් අධිමාත්‍රා එන්නතක් හේතුවෙන් සීබ්‍රා මිය ගොස් ඇති බවයි.