ලොව පුරා ප්‍රචලිත ටික්ටොක් යෙදවුම සිය රට තුළ තහනම් කිරීමට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත් එය කෙටුම්පතක් ලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත වුවත් එය නීතියක් බවට පත්වීම සඳහා සෙනෙට් සභාවේ සහ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් අත්සන යෙදිය යුතු වේ

කෙසේ නමුත් 2012 වසරේ චීන සමාගමක් විසින් ආරම්භ කරන ලද මෙම යෙදවුම හරහා ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන බවට මත පළ වී තිබු අතර ඒ අනුව නීති සම්පාදකයින් විසින් මෙම කෙටුම්පත සකස් කිරිමට කටයුතු කල බවයි වාර්තා වන්නේ.

එම පනතට අනුව “ටික්ටොක්” මව් සමාගමේ ඇමෙරිකානු ශාඛාව ඉවත් කර ගැනීම සඳහා මාස 6ක කාලයක් ලබාදීමට නියමිතව ඇති අතර එසේ ඉවත් කර නොගතහොත් ඇමෙරිකාව තුළ “ටික්ටොක්” අවහිර වනු ඇති බව විදෙස් මාධ්‍යය තව දුරටත් වාර්තා කර සිටියි.