හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න අනුරාධපුර, ත්‍රිප්පනේ ප්‍රදේශයේදී රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

අනතුරින් සුළු තුවාල ලබා ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

අද (14) පෙරවරු 07.45ට පමණ තිරිමාන්න ගමන්ගත් මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෝටර් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයන් තිදෙනෙකු, ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයකු අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.