ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව එම පක්ශයේ ජාතික විධායක සභික සමන්මකලී ගුණසිංහ මහත්මිය පවසයි. ඇය ඒ බව පැවසුවේ යුටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඇය එහිදී පවසන්නේ වර්තමාන පවතින සමාජය තුළ ගණිකාවන් නිර්මාණය කරමින් ඇති බවයි.

කාන්තාවන් සහ දරුවන් මේ වන විට සමාජය තුළ බරපතල අනාරක්ෂිත බවකට පත්ව ඇති බවත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ජාතික ජනබලවේගය සතුව ඇති බවත් ඇය එහිදී අදහස් පලකරමින් කියා සිටියාය.

ලිංගික ශ්‍රමිකයින් ද වර්තමානය වන විට බරපතල අනාරක්ෂිත තත්වයකට මුහුණ පා ඇති බැවින් ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ ගණිකා වෘත්තීය නීතිගත කරමින් ඔවුන්ට අවශ්‍ය රැකවරණය සහ ආරක්ෂාව සලසා දීමට පියවර ගන්නා බවයි වැඩිදුරටත් ප්‍රකාශ කලේ.