අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා දෙන රුපියල් 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම්වලට යොමුකළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

එම මුදල් පසුගිය සිකුරාදා බැංකුවට යොමු කළ බවත් ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකින් හෙළවී ඇතිති බවත් එම අමාත්‍යාංශය සදහන් කරයි.

බලපෑමට ලක්වූ ළමුන් අතරින් සියයට 53.2ක් පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවත්වා ඇති බවත් සියයට 26.1ක් පෙර භාවිතා කළ පාසල් ලිපි ද්‍රව්‍ය නැවත භාවිතා කිරීමට යොමු වී ඇති බවත් එම සමීක්ෂණ ප්‍රතිඵලයෙන් අනාවරණය වී තිබේ.

එලෙස අවදානමට ලක්වූ පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණින් ලබන වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව අස්වැසුම පවුල්වල දරුවන්ට මෙම රුපියල් 6000ක දීමනාව දීමට තීරණය කොට තිබෙනවා.