ජාතික ජන බලවේගය ආර්ථික කමිටු විවාදය මගහරින්නේ ඔවුන්ට ආර්ථිකය පිළිබඳව නිසි සැලැස්මක් නොමැති නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

ඊයේ (10) සක්වළ වැඩසටහනේ 181 වැනි අදියර යටතේ ගම්පහ – දිවුලපිටිය නවාන මහ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

තව දුරටත් ඔහු කියා සිටියේ තමන් ඕනෑම අවස්ථාවකට විවාදයට සූදානම් බවයි.