අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී ගත් තීරණයකට අනු​ව  අභාවප්‍රාප්ත, හිටපු විපක්ෂ නායකවරයෙකු සහ පක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා, පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන යන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ උත්සව ශාලාවේ බදාදා (03) පස්වරු 2.00 සිට 4.00 දක්වා දේහය තැන්පත් කරන බව සදහන්

ඒ මහතාගේ අවසන් කටයුතු ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පහසුකම් සැපයීමේ කටයුතු සඳහා සියලු උපදෙස්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අදාළ නිලධාරීන් වෙත ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තුව හෙට (02) රැස් වී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත අතර බදාදා යළි රැස් නොවන බව ද එහි දී තීරණය කෙරුණා.