රාජකාරිමය කටයුතු වලදි මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළයුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

මුද්දර භාවිතය යාවත්කාලින විය යුතු බව අග්‍රාමාත්‍යවරයාගේ අදහසයි.

ඊයේ (21) මහරගම ප්‍රදේශයේදී අඩු ආදායම්ලාභි පවුල් සදහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහන ආරම්භ කිරීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.

“ මෙතන ඉන්න අම්මලා දන්නවා එදා අපි ලියුමක් තැපැල් කළේ කීයේ මුද්දර ගහලද ?  අපි ඒ කාලේ තැපැල්  කරේ සත දහයේ මුද්දරෙන්.අද කොච්චර වටිනාකම වැඩිවෙලාද  කියලා බැලුවොත් ලියුමක් යවන්න රුපියල් දහය විස්සක මුද්දරයක් ගහන්න්න් ඕන .අත්සනජ් ගහන්න් ගියත් කීයේ මුද්දරයක්ද ගහන්න ඕන.මම හිතනවා මුද්දර ගැහිල්ල අහෝස් කරන්න කාලය ඇවිල්ලා කියලා.හැම කෙනාටම හැදුනුම්පතක් තියනවා.මොකටද මුද්දර ගහන්නේ.මේ අඩුපාඩුකම් නිවැරදි කරගෙන අපි ඉදිරියට යායුතුයි.