අමෙරිකාවේ සුප්‍රකට දුරකථන අලෙවි සමාගමක් වන ඇපල් සමාගමේ වසරකට වැඩි කාලයක් තුළදී විශාල   අලෙවි පහත වැටීමක් සිදුව තිබෙනවා.

2024 වර්ෂයේ මුල් මාස 03 තුළ එහි අලෙවිය 4%කින් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 91ක් දක්වා පහත වැටී ඇති අතර ඇපල් දුරකථන අලෙවිය 10%කින් පහත වැටී ඇත.

එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට ප්‍රධානම හේතූව  බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වසරේ මුල් මාස 03 තුළ ගෝලීය ස්මාර්ට්ෆෝන් අලෙවිය ඉහළ ගොස් ඇති පසුබිමක ඇපල් දුරකථන අලෙවිය පහත වැටී තිබීම සියල්ලෙන්ගේම අවධානයට හේතූ වී තිබෙනවා.

කෙසේ වෙතත් නව නිෂ්පාදන සහ කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ ආයෝජන ඉහළ දැමීමෙන් දුරකථන අලෙවිය ඉහළ නැන්වීමට ඇපල් සමාගමේ බලාපොරොත්තුවෙනවා .