එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමා වෙත වාර්තාගත සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් ​ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පුළුල් විධායක නියෝගයක් ලෙස නව සරණාගත සීමාවන් නිකුත් කර තිබෙනවා.

මෙම නියෝගය යටතේ, සරණාගත ඉල්ලීම් ක්‍රියාවට නැංවීමකින් තොරව නීති විරෝධී ලෙස ඇමරි​කා එක්සත් ජනපදයට ඇතුළු වන සංක්‍රමණිකයන් ඉක්මනින් ඉවත් කිරීමට නිලධාරීන්ට හැකියාව ලැබෙනවා.

දෛනිකව එලෙස රටට ඇතුළු කර ගන්නා සංක්‍රමණිකයන් සීමාව සපුරාලීමෙන් පසු මෙම ඉවත් කිරීම සිදුවනු ඇති බවයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.