කොවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත් කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත පිළිබදව අනියත බියක් ඇති කර නොගන්නා ලෙස  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසා සිටිනවා

මේ සම්බන්ධයෙන් පැවරූ නඩුවකදී ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය කරන සමාගම එම එන්නතේ සංකූලතා අඩු බව පිළිගත් බවත්, එය ඔවුන් ඊට කලින්ද පිළිගෙන තිබූ කරුණක් බවත් ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බැවින් එහි අහිතකර බලපෑමක් ඇති නොවන බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා