මේ දිනවල චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයන් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.
ඉන්දියාවේ බැංගලෝර් හි මාස 03 හා මාස 08 ක් වයසැති බිළිඳුන් දෙදෙනෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරසය එතරම් බරපතල තත්වයක් ඇති නොකරනු ඇති බවයි.