අද (17) උදෑසන ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ, ඩාර්ජිලිං දිස්ත්‍රික්කයේදී  දුම්රිය දෙකක් එකිනෙකට ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

දුම්රිය සංඥාවල දෝෂයක් හේතුවෙන් මෙම අනතර සිදුව ඇති බව සදහන් .

මෙම අනතුරින් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් ඇති ඇති අතර විසි පහකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

ඇසෑම් ප්‍රාන්තයේ සිල්චාර් සිට කොල්කටා හි සීල්ඩා දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමි දුම්රිය  රංගපානි දුම්රිය ස්ථානය අසල දී, පිටුපසින් පැමිණි භාණ්ඩ දුම්රියේ ගැටී ඇති අතර සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි දෙකක් පීලි පැනීමට ලක්ව ඇති බව ද ඉන්දී​ය මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරින් තුවාල ලැබූ පිරිස් රෝහල් කරා රැගෙන යාමට ගලවා ගැනීමේ කණ්ඩායම්  කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ