වසර හතරක සිට නවතා දමා තිබූ  ඉන්දියාව සහ චීනය අතර සෘජු මගී ගුවන් ගමන් නැවත ආරම්භ කරන ලෙස චීනය ඉන්දියාවෙන් ඉල්ලා තිබෙනවා.

හිමාලය දේශසීමාවේ දශක ගණනාවකට පසු ඇති වූ විශාලතම මිලිටරි ගැටුමෙන් ඉන්දීය සෙබළුන් 20 දෙනෙක් මරණයට පත් වූ අතර, චීන සෙබළුන් 4 දෙනෙකුට දිවි අහිමි වීම දෙරට අතර මෙම  මතභේදයට හේතූ වී තිබෙනවා

කෙසේ නමු​ත් 2020 ජුනි මාසයේදී මෙලෙස පළුදු වූ ඉන්දියානු-චීන සබඳතා තවදුරටත් නොසන්සුන් වී ඇති අතර දෙරටම දේශසීමාවේ දහස් ගණනක් හමුදා බලමුලු ගන්වා තිබෙන අතර එම ගැටුමෙන්  පසු  ඉන්දියාව චීන සමාගම්වල රට තුළ ආයෝජනය කිරීම දුෂ්කර කර, ජනප්‍රිය චීන ජංගම යෙදුම් තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා

වසර හතකට පසු චීනය ක​ළ මෙ​ම ​යෝජනාවට නවදිල්ලිය විරුද්ධ වී ඇති බවයි විදෙස් වාර්තා පවසා සිටිනවා