ඉන්දීය මහමැතිවරණය ජයගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ  දිවරුම් දීමේ උත්සවයට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.

​ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනයකට අනුවයි

ඊයේ (05)  පස්වරුවේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදි මහතාගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  දුරකථන ඇමතුමක් ලබාදෙමින් සුබපැතුම් එක්කර තිබෙන අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුදීමේ උත්සවයට සහභාගී වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර ඇති අතර ඔහු එම ආරාධනය පිළිගෙන ඇති බව සඳහන්ය.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස සිය තුන්වැනි ධුර කාලය සඳහා නරේන්ද්‍ර මෝදී ලබන සෙනසුරා දිනයේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ.

එම දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ද සහභාගි වීමට නියමිතය.