සති 6ක් පුරා පැවති ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබෙන​වා

ඡන්ද දායකයින් බිලියනක් පමණ ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී තිබෙන බව සදහන්

ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 543ක් තිබෙන අතර, ඉන් ආසන 272ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජයගන්නා පක්ෂය හෝ සන්ධානය මැතිවරණයේ ජයග්‍රාහකයින් ලෙස සැලකේ.

විචාරකයින් පවසන්නේ, වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය තෙවැනි ධුර කාලය සඳහා මෙම මැතිවරණය ජය ගනු ඇති බවය.

මේ අතර, මෙතෙක් නිකුත් කර ඇතැයි පැවසෙන නිල නොවන ප්‍රතිඵල අනුව අග්‍රාමාත්‍යවරයාගේ සන්ධානය ආසන 209ක් හිමිකර ගෙන ඇති අතර රාහුල් ගාන්ධිගේ සන්ධානය 144ක් හිමිකර ගෙන තිබෙන බව සදහන්