ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය Dr S. Jaishankar නිළ සංචාරයක් සදහා  මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා.

ඉන්දියාව සහ මෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම,  ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී ඇති බව සදහන්

ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසු එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි කියා සිටියේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ වැඩිදුර කටයුතුද සාකච්ඡා කරනු ඇති බවයි.