ඉන්දුනීසියාවේ හල්මහෙර දූපතේ පිහිටි ඉබූ ගිනිකන්ද පුපුරා ගොස් තිබෙනවා.

එය පෙරවරු 9.12 ට මිනිත්තු පහක පමණ කාලයක් පුපුරා ගොස් ඇති අතර, කිලෝමීටර 5 ක් (සැතපුම් 3.1 ක්) ඉහළ අහසට අළු ප්‍රක්ෂේපණය කළ බව නිලධාරීන් පවසනවා.

ඉන්දුනීසියාවේ ගිනිකඳු හා භූ විද්‍යාත්මක උපද්‍රව අවම කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී හෙන්ද්‍රා ගුණවන් පැවසුවේ ගිනි කන්දේ අනතුරු ඇඟවීමේ තත්ත්වය දෙවන ඉහළම මට්ටමේ පවතින බවයි.

මේ අනුව ගිනිකන්දේ කිලෝමීටර් පහක අරයක් තුළ සියලුම ක්‍රියාකාරකම් තහනම් කර ඇති බව වාර්තා වන අතර ගිනි කන්ද විදාරණය වීමෙන් අළු වැස්සක් ඇති වන්නේ නම් ගිනි කන්ද අසල සිටින පුද්ගලයින්ට මුහුණු ආවරණ සහ ඇස් කණ්නාඩි පැළඳීමට නිර්දේශ කරන බවට ද උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන තෙක් නිවැසියන් ඉවත් කිරීමක් වාර්තා වී නැති බව විදෙස් වාර්තා පවසයි