ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

විධාරණය වෙමින් පවතින ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට ඉන්දුනීසියාවේ බලධාරීන් සැක පළ කරයි.

1871 වසරේදීත් එලෙස විදාරණය වූ ගිනි කන්දේ කොටස් මුහුදට කඩාවැටීමෙන් සුනාමි අනතුරක් ද සිදුවිය.

මෙම අර්බුධකාරි තත්වය හේතුවෙන් ගිනි කන්ද අවට වාසය කළ 11,000ක පමණ පිරිසක් ආරක්ෂිත කලාප වෙත යොමුකිරීමට බලධාරීන්ට සිදුවුණි.

මේ වනවිට  ගිනිකන්ද විදාරණය වී ඇති අතර ඉන් ලාවා සහ අළු විහිඳුවමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉන්දුනීසියාව ලොව වඩාත්ම සක්‍රිය ගිනි කඳු පවතින ගිනි වළල්ල කලාපයේ පිහිටා තිබේ.