නාසා ආයතනය මගින් හූස්ටන් හි පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති අඟහරු ග්‍රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක අදාළ මෙහෙයුම් කටයුතු  සඳහා සිදුකරන පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් ද තේරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මෙහෙයුමේ කාර්ය මණ්ඩලය සඳහා සිව් දෙනෙක් තෝරාගෙන ඇති අතර ජේසන් ලී, ස්ටෙෆනි නවර්රෝ, ෂරීෆ් අල් රෝමයිති සහ පියුමි විජේසේකර ඒ අතර වේ.

ඔවුන් නාසා ආයතනයේ “Human Exploration Research Analog” ලෙස නම්කර ඇති මෙහෙයුම් කලාපයට මැයි 10 වනදා ඇතුළු වීමට නියමිතය.

එතැන් සිට දින 45ක කාලයක් ඔවුන් ගගනගාමීන් ලෙස කටයුතු කරන බව නාසා ආයතනය නිවේදනය කළේය.

නාසා ආයතනය මගින් සඳ, අඟහරු සහ අනෙකුත් අභ්‍යවකාශ කලාප වෙත ගගනගාමීන් යැවීමට පෙර ඔවුන් ට අවශ්‍ය පෙර පුහුණුව ලබාදීමට ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති මෙම මෙහෙයුම් කලාපය භාවිත කරයි.

එමගින් ගගනගාමීන් ගේ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබාගැනීමට විද්‍යාඥයින්ට ද අවස්ථාව ලැබෙන අතර මෙම හුරුව සඳහා මේ වසරේ තෝරාගත් දෙවැනි කණ්ඩායම මෙය වෙයි.

Four people have been selected to crew the mission: Jason Lee, Stephanie Navarro, Sharif Al Romaithi and Piumi Wijesekera.

Four people have been selected to crew the mission: Jason Lee, Stephanie Navarro, Sharif Al Romaithi and Piumi Wijesekera.