අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් නෞකාවකින් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට තොරුතුරු වාර්තා වී තිබෙනවා.

මෙලෙස ඉන්දන කාන්දු වූ නෞකාව සිය භාරයට ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් එම නෞකාව අයත් සමාගමට සහ රක්ෂණ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිදුකල විශේෂ විමර්ශනයේදි හෙලිවුණේ අදාල නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දුවීමක් සිදුවී ඇති බවයි

නෞකාව අයත් සමාගම ද අදාළ වරද පිළිගෙන ඇති අතර ඒ සඳහා වන්දි මුදලක් ලබාදීමට එකඟතාව පළ‍කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පනත යටතේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන්දි මුදලක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව සඳහන්.

මේ අතර එම ඉන්දීය නෞකාවේ කපිතාන්වරයට රටින් පිටුවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ.