ඉකුත් 19 දින නැගෙනහිර අසර්බයිජානයට ආසන්න ජොල්ෆා ප්‍රදේශයේදී හෙලිකොප්ටරය අනතුරට ලක්ව ඉරාන ජනපති ඇතුළු එහි ගමන්ගත් පිරිස ජීවිතක්ෂයට පත්වුණා.

හෙලිකොප්ටර් අනතු‍රෙන් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඇතුළු තවත් හත් දෙනෙකුගේ අවමංගල්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ජනපතිවරයාට අවසන් ගෞරවය දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් වීදි බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඉරාන ජනපති ගමන් කළ හෙලිකොප්ටරය කඩා වැටුණු Tabriz හිදී පළමුව මෙම අවමංගල්‍ය කටයුතු සිදුකොට අනතුරුව ජනපතිගේ දේහය බ්‍රහස්පතින්දා ඔහුගේ උපන් ගම වන මාෂාඩ්හි තැන්පත් කිරීමට අපේක්ෂා කෙරෙන බව සදහන් .

ජනපති රසියිගේ හදිසි අභාවය නිසා දින පහක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කෙරුණා.

කෙසේ වෙතත් ඉරානයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පැහැදිලි සංඥාවක් ලබා ගැනීමට කැමති ඉරානයේ ගතානුගතික නායකයින් සඳහා මෙම ශෝක සතිය පරීක්ෂණයක් වනු ඇති බව විචාරකයන් පවසයි.