අද  (17)  ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය​යි

පසුගිය සතියේ නව සද බැලීමෙන් පසු කොළඹ මහ පල්ලියේ  නිවේදනයට අනුව  අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු සූදානම් කර තිබෙනවා

ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේ දී පවත්වන උත්සවය මෙය වන අත​ර ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වේ.

සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකේ.

මේ අතර හජ් උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බවත් ලෝක වාසී සියලු මනුෂ්‍යයන්ගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් ජනිත කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ද මහඟු පණිවිඩයක් ලබා දෙන බවත් ය .