ඩොලර් බිලියන 400ක වත්කමක් ඉක්මවා යන වත්කමක් හිමි ලොව පළමු ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ඊලෝන් මස්ක් සමත්ව ඇති බව බ්ලූම්බර්ග් වෙඩ් අඩවිය වාර්තා කරයි.
එහි සඳහන්ව ඇත්තේ, ඔහු සතු සමාගමක් වන SpaceX හි අභ්‍යන්තර කොටස් විකිණීම මගින් ඔහුගේ වත්කම ඩොලර් බිලියන 50කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම, ටෙස්ලා සමාගමේ කොටස් ද පසුගිය බදාදා සිය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණීමත් සමඟ ඔහුගේ වත්කම ඩොලර් බිලියන 447 දක්වා ඉහළ ගොස් ඇති බව Bloomberg Billionaires Index හි සඳහන් වේ.
මස්ක්ගේ එක් දිනක වත්කම් වර්ධනය ඩොලර් බිලියන 62.8 ක් වන අතර, එය වාර්තාගත ඉහළම අගයක් බවයි වාර්තා වන්නේ.
තවද ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ වත්කම් එකතුව ඩොලර් ට්‍රිලියන 10 ඉක්මවා ඇති බව පවසන එම වෙබ් අඩවිය, එම ප්‍රමාණය 2023 වර්ෂයේ ජර්මනිය, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදනයට සමාන බව සඳහන් කර ඇත.