ඊශ්‍රායල විසින් ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි .

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසන්නේ ඔවුන් රෆා ප්‍රදේශයේ හමාස් ඉලක්කයක් වෙත මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.

නමුත් හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල හමුදාව විසින් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ දකුණු ගාසා තීරයේ රෆා නගරයේ අවතැන්වූවන් සඳහා නම් කරන ලද ප්‍රදේශයකට බවය.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ තම ගුවන් හමුදාව රෆාහි හමාස් සංවිධානයේ කඳවුරකට ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාරය “නිරවද්‍ය බුද්ධි තොරතුරු මත” සිදුකළ බවත්ය.