පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව සදහන් වේ.

මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය හැකි බවත් , මිනිසුන් විවිධ අපරාධවලට යොමු විය හැකි බවත් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසා තිබේ.

මානසික රෝගවලට බෙහෙත් බොන පුද්ගලයින්ගේ පිපාසය අඩු වන නිසා ඔවුන් විජලනයට ලක් විය හැකි බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

එසේම අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ සිතීමේ හැකියාව අඩුවිය හැකි බවත් එමගින් දරුවන්ට අධ්‍යාපනික ගැටලු ඇතිවිය හැකි බවත් වාර්තා වේ.

කෙසේ නමුත් මෙම තත්ත්වය මැයි මාසය අවසන් වන තෙක් පවතින බවත් නිරිත දිග මෝසම සක්‍රීය වනතෙක් මෙම තත්ත්වය තවදුරටත් පවතින බවත්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.

නිර්මාණි ගුණරත්න